විදෙස්

ඇමරිකාව රුසියාවට සම්බාධක පනවයි

(UTV|ඇමරිකාව) – ඇමරිකාව සහ යුරෝපා සංගමය රුසියාවට සම්බාධක පැනවීමට කටයුතු කර ඇත.

ඒ, රුසියානු විපක්ෂයේ ප්‍රධාන දේශපාලනඥයෙකු ලෙස කටයුතු කරන ඇලෙක්සි නවානි අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම සහ ඔහුට වස ලබා දීමේ සිද්ධිය මුල්කර ගනිමින්.

ඒ අනුව රුසියාවේ උසස් නිලධාරීන් 7 දෙනෙකුට සහ තවත් ආයතන 14 කට මෙලෙස සම්බාධක පනවා තිබේ.

විදෙස් විචාරකයින් සදහන් කළේ ජෝ බයිඩ්න්ගේ දිවුරුම් දීමත් සමග ක්‍රෙම්ලිනයට එල්ල කළ පළමු ප්‍රහාරය මෙය බවයි.

හේ අතර , ලොව පුරා කොවිඩ්-19 වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව 114,790,763 ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය අද (03) අලුයම වාර්තා කරයි.

කෙසේ වෙතත් වෛරසය ආසාදනය වූවන් 64,839,000 කට අධික පිරිසක් මේ වනවිට සම්පූර්ණ සුවය ලබා ඇති බවද ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.

 

Related posts

නිදහස් දිනය වෙනුවෙන් සතියක් ජාතික ධජය ඔසවා තබන්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

බ්‍රිතාන්‍ය නිල වශයෙන් යුරෝපීය සංගමයෙන් ඉවත් වෙයි

Mohamed Dilsad

කැබිනට් මණ්ඩලයට නව අමාත්‍යවරුන් පත් කිරීම ට්‍රම්ප් කල් දමයි

Mohamed Dilsad

Leave a Comment