දේශීය

පෑලියගොඩ පොලිසියේදී නීතී සිසුවාට පහරදුන් නිලධාරීන් අත්අඩංගුවට ගන්නැයි උපදෙස්

(UTV | කොළඹ) – පෑලියගොඩ පොලිස් ස්ථානය තුළදී නීතී ශිෂ්‍ය මිගාර ගුණරත්නට පහරදීමේ සිද්ධියට සම්බන්ධ සියලු පොලිස් නිළධාරීන් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දප්පුල ලිවේරා මහතා පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට උපදෙස් ලබාදී තිබේ.

අනතුරුව දණ්ඩ නීති සංග්‍රහය සහ වධ හිංසා පණත යටතේ ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද නීතිපතිවරයා විසින් දන්වා ඇති බවයි ඔහුගේ සම්බන්ධීකරණ නිළධාරිනී රජයේ අධි නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළාය.

අදාළ පහරදිමේ සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිස් ස්ථානයට අනුයුක්ත ප්‍රධාන පොලිස් පරික්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරුන් තුන්දෙනෙකු මේ වනවිටත් වැඩ තහනමට ලක්ව සිටියි.

මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර නීතීඥ මෛත්‍රි ගුණරත්න මහතාගේ පුත්‍රයෙකු වන මිගාර ගුණරත්නයි පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී පෑලියගොඩ පොලිස් ස්ථානය තුලදී පහරකෑමට ලක්ව තුවාල ලබා තිබුණි.

 

Related posts

දළදා වන්දනාවේ අවසන් දිනය අදයි

Editor O

ආගමික ස්ථානවල ආරක්ෂාවට යොදවා ඇති හමුදා භට කණ්ඩායම් යළි කැඳවීමේ තීරණයක්…?

Editor O

නිමි ඇඳුම් දන්සලක්

Mohamed Dilsad

Leave a Comment