ව්‍යාපාරික

කරාබුනැටි ගොවීන් තම වගාවන් අතහැර දමන තත්ත්වයකට

(UTV | කොළඹ) – මෙරටට ඉහළ විදේශ විනිමයක් ගෙන දෙන කුළු බඩු අතර කරාබුනැටිවලට සුවිශේෂ ස්ථානයක් හිමිවෙයි.

නමුත් මේ වන විට කරාබුනැටි සඳහා නිසි මිළක් නොමැති වීම හේතුවෙන් එම ගොවීන් තම වගාවන් අතහැර දමන තත්ත්වයකට පත්ව ඇත.

කොවිඩ් වසංගතය පැමිණි මුල් කාලයේ මෙරට කුළු බඩු අපනයනයෙන් පෙර වසරවලට වඩා වැඩි ආදායමක් ලබා ගත් බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

නමුත් මේ වන විට කරාබු නැටි සඳහා පවතින මිල පහළ ගොස් තිබේ.

ගොවීන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ රටට වැඩි විදේශ විනිමයක් සපයන කරාබුනැටි ගොවියන්ගේ මෙම ගැටලුව සම්බන්ධයෙන් සොයා බලා නිසි විසඳුමක් ලබා දෙන ලෙසයි.

 

Related posts

පරිභෝජනයට නුසුදුසු ලොකු ළුෑණු කිලෝ 60,000ක් සොයා ගනී

Mohamed Dilsad

ඩොලරයට සාපේක්ෂව රුපියල පහතට

Mohamed Dilsad

දෙමුහුන් බඩඉරිඟු වගාව රට පුරා ප්‍රචලිත කිරීමට පියවර

Mohamed Dilsad

Leave a Comment