දේශීය

ගාල්ල දිස්ත්‍රික්කයේ සිසුන් 141 කට කොරෝනා

(UTV| ගාල්ල) – ගාල්ල දිස්ත්‍රික්කයේ දෙවැනි කොරෝනා රැල්ල ආරම්භයේ සිට මේ දක්වා කාලය තුළ පාසල් දරු දැරියන් 141 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවි ඇති බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා පවසයි.

ඒ අනුව පාසල් 69 ක දරු දැරියන් 141 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වෙයි.

මෙම පාසල් දරු දැරියන් නිවෙස්වල නිරෝධායනය වෙමින් සිටියදී කොරෝනා වෛරසය ආසාදානය වී ඇති බවට තහවුරුවී ඇති බවද ඒ මහතා පවසයි.

පසුගිය දින 14 කාලය තුළ පාසල් 15 ක පාසල් දරු දැරියන් 18 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 

Related posts

හෙට ප්‍රදේශ කිහිපයක සුරාසැල් වසා දැමීමට තීරණයක්

Mohamed Dilsad

දඹුල්ලේ සහ නෙළුවේ සැකකටයුතු මරණ 2ක්

Mohamed Dilsad

පෞද්ගලික අංශයටත් නිවාඩු ලබාදෙන ලෙසට ජනපතිගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment