දේශීය

පෞද්ගලික අංශයටත් නිවාඩු ලබාදෙන ලෙසට ජනපතිගෙන් ඉල්ලීමක්

(UTV | කොළඹ) –  රජයේ නිවාඩු දින ප්‍රකාශයට පත් කිරීමේදී පෞද්ගලික අංශයටද එය අදාල වන ලෙස එම නිවාඩුව ගැසට් කරන්නැයි අන්තර් සමාගම් සේවක සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කරයි.

කොරෝනා වෛරසය ව්‍යාප්ති වීම වැළැක්වීම වෙනුවෙන් රජය විසින් මෙම පියවර ගනු ලැබීය.

එම සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් පෙන්වා දෙන්නේ මෙම වසංගතයට අදාලව රාජ්‍ය අංශයට යම් නිවාඩුවක් ලැබෙන විට එය වෙළද නිවාඩුවක් ලෙස පෞද්ගලික අංශයේ සියලු දෙනාටද හිමිවිය යුතු බවයි.

මින් ඉදිරියට නිරෝධායන ක්‍රියාවලියට අදාලව රජයේ නිවාඩුවක් ප්‍රකාශයට පත් කරන විට එය පෞද්ගලික අංශයේ සියලු දෙනාටද අදාල වන පරිදි ගැසට් කිරීමට උපදෙස් දෙන ලෙසයි අන්තර් සමාගම් සේවක සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා තිබේ.

Related posts

නීතිපති දෙපාර්තමේන්තුව හෙට සිට යළි විවෘතයි

Mohamed Dilsad

එජාපයෙන් ඉවත්කළ පිරිසගේ නම් මැතිවරණ කොමිසමට [RELEASE]

Mohamed Dilsad

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

Editor O

Leave a Comment