ව්‍යාපාරික

ලියාපදිංචි වාහන සඳහා ලබාදෙන මූල්‍ය පහසුකම් ඉහළ නැංවීමට මහ බැංකුවෙන් අවසර

(UTV | කොළඹ) – ලියාපදිංචි වාහන සඳහා ලබාදෙන මූල්‍ය පහසුකම් වාහනයේ වටිනාකමින් 80 % දක්වා ඉහළ නැංවීමට මහබැංකුව තීරණය කර තිබේ.

ඊට අදාළ නියෝගය මහබැංකුවේ මූල්‍ය මණ්ඩලය මගින් බැංකු නොවන මූල්‍ය ආයතන වෙත යොමුකිරීමට කටයුතු කර ඇත.

මූල්‍ය ව්‍යාපාර පනතේ 12 වන වගන්තිය යටතේ නිකුත් කර ඇති අදාළ නියෝගය අනුව, පළමු ලියාපදිංචියෙන් පසු මෙරට වසරකට වැඩි කාලයක් භාවිත කළ වාහනවලට ඒවායේ වටිනාකමින් 80 % දක්වා මූල්‍ය පහසුකම් ලබා ගත හැකියි.

 

 

Related posts

සංචාරක මාර්ගෝපදේශකයන් සදහා රක්ෂණ ක්‍රමයක්

Mohamed Dilsad

නාවික හමුදාව නිෂ්පාදනය කළ යාත‍්‍රා දෙකක් ෂී ෂෙල්ස් රාජ්‍යයට පිරිනැමේ.

Mohamed Dilsad

මැයි මාසයේ උද්ධමනය පහළට

Mohamed Dilsad

Leave a Comment