ව්‍යාපාරික

ගෑස් මිලත් ඉහළ යන ලකුණු

(UTV | කොළඹ) – ගෑස් මිල වැඩි කිරීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා මෙරට ගෑස් ආනයනික සමාගම් රජයෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වෙයි.

ලෝක වෙළදපලේ ගෑස් මිල වැඩිවීම, විනිමය අනුපාතය සහ වෙනත් පිරිවැය කරුණු සළකා ගෑස් මිල ඉහළ දැමීමට රජයෙන් අවසර ඉල්ලා ඇති බව ලාෆ් ගෑස් සමාගමේ සභාපතිවරයා පවසා තිබේ.

ගෑස් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය ඇතුළත රජයෙන් යහපත් ප‍්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවද ඔහු පවසා තිබේ.

ලෝක වෙළදපොලේ ඉල්ලුම වැඩිවීම හේතුවෙන් ගෑස් මිල ඉහළ ගොස් තිබෙන බවත් , මේ හේතුවෙන් සිය සමාගමට ද මසකට රුපියල් බිලියනයක පමණ පාඩුවක් සිදුවන බවත් ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

 

Related posts

කාබනික පොහොර නොමිලේ ලබා දීමේ වැඩපිළිවෙලක්

Mohamed Dilsad

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ශක්තිමත් කිරීමට වත්මන් ආණ්ඩුවට වැඩපිළිවෙලක් නැහැ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

2020 වාහන ආනයනය පහළට

Mohamed Dilsad

Leave a Comment