විදෙස්

ඉන්දීය ගොවීන් ට්‍රැක්ටර් හතලිස් ලක්ෂයකින් දිල්ලියට

(UTV | ඉන්දියාව) – නරේන්ද්‍ර මෝදි රජයේ නව ගොවි පනත්වලට එරෙහිව ඉන්දීය ගොවීන් ට්‍රැක්ටර් හතලිස් ලක්ෂයකින් නවදිල්ලියේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ල වෙත පැමිණීමට සූදානම් බව ගොවි නායකයෙකු වන රාකේෂ් ටිකේට් ප්‍රකාශ කළේය.

නව පනත් හකුලා ගැනීමට රජය සූදානම් නැත්නම් ඕනෑම මොහොතක දිල්ලි රථ චාරිකාවට සූදානම් බව රාජස්ථාන් ප්‍රාන්තයේ ගොවි සමුළුවක් අමතමින් ඔහු ඊයේ සඳහන් කළේය.

පසුගිය ජනවාරි 26 වැනිදා ගොවීන් නවදිල්ලියේ සිදුකළ විරෝධතාව අපකීර්තියට පත් කිරීමට රජය කටයුතු කරමින් සිටින බවටද ඔහු චෝදනා කරයි.

මේ අතර, ඉන්දීය ගොවීන්ට සහය පළ කරමින් ස්වීඩන පාරිසරික ක්‍රියාකාරිනි ග්‍රේටා තන්බර්ග් පළ කළ ට්වීටර් සටහනක් ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් යොවුන් පරිසර ක්‍රියාකාරිනියක වූ 22 හැවිරිදි දීෂා රවීට ඊයේ දිල්ලි අධිකරණයෙන් ඇප ලබාදී තිබේ.

ඇය එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගොවි පනත්වලට එරෙහි විරෝධතාවන්ට සහය දක්වන ක්‍රියාකාරීන් මර්දනය කිරීමේ පියවරක් ලෙස විචාරකයින් හඳුන්වා දෙයි.

 

Related posts

බ්‍රිතාන්‍ය කැබිනට් කාර්යාලයේ අමාත්‍යවරයෙක් ස්වයං නිරෝධායනයට

Mohamed Dilsad

ඇමෙරිකාව උතුරු කොරියාවට අනතුරු අඟවයි

Mohamed Dilsad

නවාස් ශරීෆ්ට එරෙහි නඩු විභාගය ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment