විදෙස්

නවාස් ශරීෆ්ට එරෙහි නඩු විභාගය ඇරඹේ

(උදයම්,පකිස්ථානය)  –  පවුලේ අසීමාන්තික ධනස්කන්ධය පිළිබඳ එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පාකිස්තාන අග්‍රාමාත්‍ය නවාස් ශරීෆ්ට එරෙහිව එරට ශ්‍රේෂ්ඨාධිකරණ නඩු විභාගය ඊයේ ආරම්භ කෙරුණි.

විශේෂයෙන් අගමැති ශරීෆ්ගේ දරුවන් ඔහුගේ බලය උපයෝගී කරගෙන අයථා ලෙස ධනය උපයා ඇති බවට චෝදනා එල්ල වී ඇත.

අගමැති ශරීෆ්ගේ දියණිය ලන්ඩන් නුවර සුඛෝපභෝගී නිවහන් මිලදී ගැනීම ද මෙම චෝදනා යටතේ ඉදිරිපත් කෙරෙන සාක්ෂියකි.

අගමැති නවාස් ශරීෆ්ගේ ආදායම් සම්බන්ධයෙන් එරට දූෂණ මර්දන අංශ මගින් පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පිටු 254කින් යුත් වාර්තාවක් ද ගොනු කරනු ලැබීය.

මෙහිදී ඔහු වරදකරු කරනු ලැබුවහොත් නවාස් ශරීෆ්ට පාකිස්තාන අග්‍රාමාත්‍ය ධුරය අහිමි වනු ඇති.

Related posts

Bugs Bunny කාටුනයේ නිර්මාතෘවරයා අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

ඇමරිකාවත් රුසියාවත් ගාසා තීරයට සටන් විරාමයක් ඉල්ලයි

Mohamed Dilsad

ඝාතනයට ලක්වූ කලු ජාතිකයා වෙනුවෙන් තවදුරටත් විරෝධතා

Mohamed Dilsad

Leave a Comment