ප්‍රමුඛ පුවත 1

මුලතිව් කෝකිලායි සිංහල පාසලේ සිදු වූ පිපිරීමකින් ළමුන් පිරිසක් රෝහලේ

(උදයම්,මුලතිව්)   –  මුලතිව් කෝකිලායි සිංහල පාසලේ සිදු වූ පිපිරීමකින් ළමුන් පිරිසක් රෝහල් ගත කෙරේ.

අද පෙරවරුවේ පැවති ඩෙංගු මර්දන වැඩසටහනක් අතරතුර දී අසල තිබූ කසල ගොඩක සිදු වූ පිපිරීමක් හේතුවෙන් කම්පනයට පත් පාසල් සිසුන්  8 දෙනකු මුලතිව් මාන්චෝලෙයි රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.

සිසුන් දෙදෙනෙකු හා සිසුවියන් හය දෙනෙකු මේ අතර වෙයි.

පාසල් සිසුන් විසින් එක් රැස් කරගන්නා ලද කසල එකතු කොට ගිනි තබා ඇත.

එහිදී එක් කසල ගොඩක් හදීසියේම දැඩි ශබ්දයකින් පුපුරා යාම හේතුවෙන් අසල සිටි සිසු සිසුවියන් හට කම්පන තත්වයට පත්ව තිබේ.

කිසියම් පුරණ ද්‍රව්‍යයක් තිබී කසල ගොඩ පුපුරා යන්නට ඇති බවට පොලිසිය සැක කරයි.

සිසුන්ගේ තත්ත්වය බරපතල නොවන බව වාර්තාවේ.

Related posts

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

Mohamed Dilsad

එජාපෙ විශේෂ සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී

Mohamed Dilsad

කොස්තාපල්වරයකුට පහරදුන් මන්ත්‍රි ශාන්තගේ පුත් ඇප මත මුදාහැරේ

Mohamed Dilsad

Leave a Comment