දේශීය

දුම්රිය සේවක වර්ජනය තාවකාලිකව නවතී

(UTV | කොළඹ) – ඊයේ (22) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබු වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට දුම්රිය වෘත්තීය සමිති එකමුතුව තීරණය කර ඇත.

උතුරු දුම්රිය මාර්ගය සංවර්ධනයේදී සිදුවන බව කියන අක්‍රමිකතාවලට විරෝධය දක්වමින් දුම්රිය රියදුරන් සහ නියාමකයන් ඇතුලු වෘත්තීය සමිති 19 ක් මෙම වර්ජනය සැළසුම් කර තිබුණි.

කෙසේවෙතත් අදාළ කරුණු සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 11.30 ට ප්‍රවාහන අමාත්‍යාංශයේදි සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.

අද පැවැත්වෙන සාකච්ඡාවෙන් විසඳුමක් නොලැබුනහොත් වර්ජනයකට අවතීර්ණවීමේ වැඩි ඉඩකඩක් පවතින බව දුම්රිය එන්ජින් රියදුරු සංගමය පවසයි.

 

 

 

Related posts

කෘෂිකර්මාන්තය දියුණු කිරීමේ අරමුණින් රජයෙන් නව යෝජනා ක්‍රමයක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා රුපියල සියයට 8.4%කින් වර්ධනය වෙලා – ශ්‍රී ලංකා මහ බැංකුව

Editor O

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්ට වසර 04ක සිර දඬුවම්

Editor O

Leave a Comment