දේශීය

දුම්රිය සේවක වර්ජනය තාවකාලිකව නවතී

(UTV | කොළඹ) – ඊයේ (22) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබු වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට දුම්රිය වෘත්තීය සමිති එකමුතුව තීරණය කර ඇත.

උතුරු දුම්රිය මාර්ගය සංවර්ධනයේදී සිදුවන බව කියන අක්‍රමිකතාවලට විරෝධය දක්වමින් දුම්රිය රියදුරන් සහ නියාමකයන් ඇතුලු වෘත්තීය සමිති 19 ක් මෙම වර්ජනය සැළසුම් කර තිබුණි.

කෙසේවෙතත් අදාළ කරුණු සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 11.30 ට ප්‍රවාහන අමාත්‍යාංශයේදි සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.

අද පැවැත්වෙන සාකච්ඡාවෙන් විසඳුමක් නොලැබුනහොත් වර්ජනයකට අවතීර්ණවීමේ වැඩි ඉඩකඩක් පවතින බව දුම්රිය එන්ජින් රියදුරු සංගමය පවසයි.

 

 

 

Related posts

අතිරේක මහෙස්ත්‍රාත්වරිය ගැන පැමිණිල්ලක්

Mohamed Dilsad

කේරළ ගංජා සමඟ පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

කොළොන්නාව නගර සභාවට සමගි ජනබලවේගයෙන් තේරීපත්වූ සුසිල්ගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවයි.

Editor O

Leave a Comment