දේශීය

භූ කම්පන සිදුවූ ඇකිරිය ප්‍රදේශයේ ජනතාවට දැනුම්දීමක්

(UTV | බදුල්ල) – භූ කම්පන කිහිපයක් සිදුවූ මඩොල්සිම ඇකිරිය ප්‍රදේශය භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක්ව තිබේ.

පසුගිය සතියේ දී අවසන්වරට ඇකිරිය ප්‍රදේශයේ භූ කම්පනයක් සිදුවූ අතර එය රික්ටර් මාපකයේ 1.5 ක ලෙස සටහන්ව තිබුණි.

මේ සම්බන්ධයෙන් අවධානය යොමුකළ භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ නිලධාරීන් එම ප්‍රදේශයට ගොස් ක්ෂේත්‍ර පරීක්ෂණයන් සිදුකර ඇත.

කෙසේවෙතත් පවතින තත්ත්වය හමුවේ පස්කඳු කඩා වැටීම් සහ නායයෑම් තත්ත්වයන් ඇති විය හැකි බවට නිරීක්ෂණය කරඇති බව එම නිලධාරීන් ජනතාව වෙත දැනුම් දී තිබේ.

මේ හේතුවෙන් පතල් කැණීම් සහා පස් කැනීම් කටයුතුවලදී වඩාත් විමසිලිමත්වන ලෙස භූ විද්‍යා පතල් කැණීම් කාර්යාංශය ජනතාවට දැනුම්දී ඇත.

 

Related posts

හිටපු අගමැති මහින්ද ඇතුළු සිව් දෙනෙක් මානව හිමිකම් කොමිසම හමුවට

Mohamed Dilsad

ලෙබනනයේ පිපිරීමෙන් ශ්‍රී ලාංකිකයෙක් තුවාල ලබයි

Mohamed Dilsad

පොසොන් සමයේ මිහින්තලය දුම්රිය සේවාව මෙවරත්

Editor O

Leave a Comment