දේශීය

කොළඹ ඇතුළු ප්‍රදේශ කීපයකට ජල කප්පාදුවක්

(UTV | කොළඹ) – අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (20) කොළඹ සහ අවට ප්‍රදේශ රැසක පැය 16 ක ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

ඒ් අනුව හෙට පෙරවරු 8.00 සිට රාත්‍රී 12.00 දක්වා එලෙස ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය.

කොළඹ, දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ සහ කඩුවෙල යන මහනගර සභා සීමා බල ප්‍රදේශවලත් මහරගම, බොරලැස්ගමුව සහ කොළොන්නාව යන නගර සභා බල ප්‍රදේශවලත් මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත.

මීට අමතරව කොටිකාවත්ත සහ මුල්ලේරියාව යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවල ද ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.

මේ අතර එළඹෙන ඉරිදා පෙරවරු 8.30 සිට පස්වරු 7.00 දක්වා පැය දහයාමාරක කාලයක් කළුතර සහ අවට ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර තිබේ.

ඒ අනුව වාද්දූව, වස්කඩුව, පොතුපිටිය, කළුතර උතුර, දකුණ කටුකුරුන්ද, නාගොඩ, බෙන්තොට, බෝඹුවල, පිලමිනාවත්ත, පයාගල, මග්ගොන, බේරුවල, අලුත්ගම, දර්ගානගර්, කළුවාමෝදර සහ මොරගොල්ල යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත.

 

Related posts

අගමැති යළි දිවයිනට

Mohamed Dilsad

කොරෝනා පාලනය සඳහා නාවික හමුදාව වෙත නිර්දේශ කිහිපයක්

Mohamed Dilsad

අභාවප්‍රාප්ත ආචාර්ය මන්මෝහන් සිං ට, නාමල් රාජපක්ෂ අවසන් ගෞරව දක්වයි

Editor O

Leave a Comment