දේශීය

රජයේ හවුල්කාර පක්ෂ නායකයන් සහ ජනපති අතර අද සාකච්ඡාවක්

(UTV| කොළඹ) – රජයේ හවුල්කාර පක්ෂවල නායකයන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් අද (19) පැවැත්වීමට නියමිතව ඇත.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී පස්වරු 04 ට මෙම සාකච්ඡාව ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ / පිවිතුරු හෙළ උරුමයේ නායක අමාත්‍ය උදය ගම්මන්පිල මහත්වරුන් ඇතුලුව පක්ෂ නායකයන් පිරිසක් මීට සහභාගීවීමට නියමිතව තිබේ.

මෙම සාකච්ඡාවේදී යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව , ජිනීවා මානව හිමිකම් සැසිය ඇතුලු වත්මන් දේශපාලන වාතාවරණය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට නියමිත බව ද වාර්තා වෙයි.

 

Related posts

වායුගෝලය නැවතත් කැළඹෙයි

Mohamed Dilsad

පාර්ලිමේන්තුවට පැමිණීමේදී මහජනතාවට පනවා තිබූ සීමාවන් ලිහිල් කෙරේ

Mohamed Dilsad

අගමැති පක්ෂ නායකයින් කැඳවයි

Mohamed Dilsad

Leave a Comment