දේශීය

රජයේ හවුල්කාර පක්ෂ නායකයන් සහ ජනපති අතර අද සාකච්ඡාවක්

(UTV| කොළඹ) – රජයේ හවුල්කාර පක්ෂවල නායකයන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් අද (19) පැවැත්වීමට නියමිතව ඇත.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී පස්වරු 04 ට මෙම සාකච්ඡාව ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ / පිවිතුරු හෙළ උරුමයේ නායක අමාත්‍ය උදය ගම්මන්පිල මහත්වරුන් ඇතුලුව පක්ෂ නායකයන් පිරිසක් මීට සහභාගීවීමට නියමිතව තිබේ.

මෙම සාකච්ඡාවේදී යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව , ජිනීවා මානව හිමිකම් සැසිය ඇතුලු වත්මන් දේශපාලන වාතාවරණය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට නියමිත බව ද වාර්තා වෙයි.

 

Related posts

සතොස භාණ්ඩ වර්ග 6 ක මිල අඩු කෙරේ

Mohamed Dilsad

රිෂාඩ් බදියුදීන්ගේ ඉල්ලීමට ක්‍රියාත්මක කළ ව්‍යාපෘති රැසක් ජනාධිපති ලේකම් කාර්යාලයේ ගණකාධිකාරී විසින් නතර කරයි.

Editor O

අර්තාපල් සහ ලූණු ආනයන බද්ද ඉහළට

Editor O

Leave a Comment