දේශීය

පාර්ලිමේන්තුවට පැමිණීමේදී මහජනතාවට පනවා තිබූ සීමාවන් ලිහිල් කෙරේ

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු සංකීර්ණයට සහ ගැලරිවලට ඇතුළුවීම සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන සීමාවන් ලිහිල් කිරීමට වේත්‍රධාරීවරයා ඉදිරිපත් කළ යෝජනාව අනුමත කිරීමට ඊයේ (14) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය. මේ අනුව මූලික පියවරක් ලෙස පාර්ලිමේන්තු රැස්වීම් නොමැති දිනවල පාසල් සිසුන් ඇතුළු පාර්ලිමේන්තුවට පැමිණීමට ඉල්ලීම් කරන පාර්ශ්වවලට ඉඩ ලබාදීමට එකඟතාව පළ විය.

ඒ අනුව සැප්තැම්බර් 20 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තු රැස්වීම් නොවන දිනවල පෙරවරු 9.30 සිට පස්වරු 3.00 දක්වා පාසල් සිසුන්ට පාර්ලිමේන්තු සංකීර්ණය නැරඹීමට අවසර ලැබේ. (නිවාඩු දින හැර)

දැන් පාසල් බලධාරීන්ට ලිපියක්, ෆැක්ස් (0112777473/ 0112777335) හෝ www.parliament.lk හරහා මාර්ගගතව අයදුම් කිරීමෙන් වේත්‍රධාරී වෙත තම අයදුම්පත් ඉදිරිපත් කළ හැකිය.

විශ්වවිද්‍යාල ශිෂ්‍ය කණ්ඩායම්, රජය යටතේ ලියාපදිංචි උසස් අධ්‍යාපන ආයතන සහ විදේශීය සංචාරකයින්ට ද මෙම පහසුකම ලබාගත හැකි බව වේත්‍රධාරීවරයා ප්‍රකාශ කරයි.

Related posts

විවාහ මංගල්‍යයකට සහභාගිවිය හැකි උපරිම ගණන 100 යි [RELEASE]

Mohamed Dilsad

පෞද්ගලික ටැංකි රථහිමියන්ගේ වර්ජනයට IOC සහායත්

Mohamed Dilsad

විද්‍යාපීඨ අපේක්ෂකයින්ට දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment