ක්‍රීඩා

ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය අදින් ඇරඹේ

(UTV | කොළඹ) – කොවිඩ් වසංගතය හේතුවෙන් පසුගිය වසරේ කල් දැමූ ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය අද (17) සිට 21 වැනිදා දක්වා ගෘහස්ත ක්‍රීඩා පිටි තුනක් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය තීරණය කර ඇත.

ඒ අනුව මෙවර ක්‍රීඩක – ක්‍රීඩිකාවන් 800 කට ආසන්න ප්‍රමාණයක් අයැදුම් කිරීම හේතුවෙන් බැඩ්මින්ටන් සංගම් ක්‍රීඩා පිටිය, වෙළෙඳ සේවා හා ඔටර්ස් පිටියේ පැවැත්වෙන මෙම තරඟාවලියේදී මේ වනවිට 16 වතාවක් ජාතික ශූරතාව දිනා සිටින නිලුක කරුණාරත්න ඇතුළු ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගතකිරීම්හි පෙරමුණේ පසුවන සියලුම ක්‍රීඩක-ක්‍රීඩිකාවන් සහභාගි වීමට නියමිතව සිටීමද විශේෂත්වයක්.

එහිදී නිලුකට අමතරව ඔහුගේ සොහොයුරු දිනුක කරුණාරත්න, සචින් ඩයස්, බුවනෙක ගුණතිලක, ලෝචන ද සිල්වා, රන්තුෂ්ක සසිඳු, හසිනි අම්බලන්ගොඩ, නදීෂා ගයත්‍රි යන ක්‍රීඩක-ක්‍රීඩිකාවන් මෙවර තරඟාවලියට එක්ව සිටිනවා.

කෙසේ වෙතත් මෙහිදී විවෘත තරඟාවලියට අමතරව අවුරුදු 15 න්, 17 න්, 19 න් පහළ බාලක හා බාලිකා කේවල /යුගළ තරඟ පැවැත්වෙද්දී අවුරුදු 35 න්, 40 න්, 45 න්, 50 න් පහළ පිරිමි හා කාන්තා ඒකල හා යුගල තරඟත් , අවුරුදු 55 න්, 60 න් පහළ හා 65 න් ඉහළ පිරිමි තරඟ මෙන්ම අවුරුදු 50 න් ඉහළ කාන්තා යුගල ඉසව්වක්ද එක්කර තිබීම ද තවත් විශේෂත්වයක්.

 

 

Related posts

ක්‍රිකට් උණුසුමෙන් නව වසර අරඹන්න ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට

Mohamed Dilsad

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර මීළඟ ටෙස්ට් තරඟාවලිය

Mohamed Dilsad

ICC තහනම් ඉවත් කරයි

Mohamed Dilsad

Leave a Comment