ක්‍රීඩා

කොදෙව් සංචාරයේ කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා කණ්ඩායමේ එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරඟ සංචාරයට අදාළ තරඟ කාලසටහන ඊයේ (16) ප්‍රකාශයට පත්කරනු ලැබීය.

මෙම තරඟ සංචාරයේ දී කණ්ඩායම් දෙක අතර ටෙස්ට්, එක්දින සහ 20-20 තරඟ පැවැත්වීමට නියමිත අතර, ඒ සඳහා සහභාගී වීමේ අරමුණින් ශ්‍රී ලංකා කණ්ඩායම ලබන 23 වනදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම ඇන්ටිගුවාහි ජෛව ආරක්ෂිත බුබුලක් යටතේ 20යි 20 තරග 3 කට, එක්දින තරග 3 කට සහ ටෙස්ට් තරග 2 කට සහභාගිවනු ඇති.

පළමු 20යි 20 තරගය මාර්තු 03 වැනිදා පැවැත්වෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

මාර්තු 05 සහ 07 යන දෙදින සෙසු 20යි 20 තරග දෙක පැවැත්වෙනු ඇත.

එක්දින තරගාවලිය මාර්තු 10 වැනිදා ඇරඹෙන අතර දෙවැනි එක්දින තරගය 12 වැනිදා ද, තෙවැනි එක්දින තරගය 14 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

අනතුරුව මාර්තු 21 වැනිදා පළමු ටෙස්ට් තරගය ද, මාර්තු 29 වැනිදා දෙවැනි ටෙස්ට් තරඟය ද ආරම්භ වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක සඳහන්.

 

 

Related posts

6 වන වරටත් බැලොන් ඩිඕර් පාපන්දු සම්මානය මෙසී හිමිකරගනී

Mohamed Dilsad

බටහිර ඉන්දීය ලෝක කුසලාන සංචිතය මෙන්න

Mohamed Dilsad

වසර 10 කට පසු ශ‍්‍රී ලංකා පාකිස්තාන ක්‍රිකට් සංචාරයේ පළමු පියවර අදයි

Mohamed Dilsad

Leave a Comment