දේශීය

කසලවලින් විදුලිය ජනනය කිරීම අදින් ඇරඹේ

(UTV| කොළඹ) – කෙරවලපිටියට රැගෙන එන ඝන අපද්‍රව්‍ය මගින් විදුලිය ජනනය කිරීමේ ව්‍යාපෘතියේ කටයුතු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) පෙරවරුවේ ආරම්භ වෙයි.

කොළඹ – මහනගර සභාව, වෙස්ටන් පවර් පෞද්ගලික ආයතනය සහ ලංකා විදුලිබල මණ්ඩලය විසින් දියත් කරන ඒකාබද්ධ ව්‍යාපෘතියක් වන මෙමගින් දිනකට මෙගාවොට් 10ක විදුලි ධාරිතාවක් නිපදවීමට නියමිතයි.

දිනකට මෙම විදුලි බලාගාරය මගින් මෙටි්‍රක් ටොන් 800ක පමණ නොදිරන කැළි කසල දහනය කර විදුලිය බවට පරිවර්තනය කෙරෙනු ඇත.

ඒ හරහා කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල කැළි කසල ගැටළුවට පිළියම් ලැබෙන බව බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ අධ්‍යක්ෂ නලීන් මාන්නප්පෙරුම මහතා ප්‍රකාශ කළේය.

 

Related posts

නීතිවිරෝධී ලෙස ගෙන්වූ සුවඳ විලවුන් හා ආලේපන තොගයක් සොයා ගැනේ

Mohamed Dilsad

මැතිවරණ නීතී කැඩූ අපේක්ෂකයින් 13ක් අත්අඩංගුවට

Editor O

ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්දනය වැඩපිළිවෙල ඉන්දීය රජයේ ඇගයීමට

Mohamed Dilsad

Leave a Comment