විදෙස්

ලොව පුරා කොරෝනා මරණ 10% කින් අඩුවේ – WHO

(UTV | කොළඹ) – ගෙවුණු සතියේ ලොව පුරා කොරෝනා මරණ වාර්තා වීම 10 % කින් සහ ආසාදිතයින් වාර්තා වීම  16 % කින් අඩු වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටෙඩ්රෝස් ඇඩනම් ගෙබි්‍රයේසස් ප්‍රකාශ කළේය.

ඔහු කියා සිටියේ අප්‍රිකානු සහ බටහිර පැසිෆික් කලාපයේ ආසාදිතයින් වාර්තා වීම 20 % අඩු වී ඇති බවයි.

එමෙන්ම, අග්නිදිග ආසියානු කලාපයේ ආසාදිතයින් වාර්තා වීම  13 % කින් සහ ඇමරිකානු කලාපයේ ආසාදිතයින් වාර්තා වීම 16% කින් අඩු වී තිබෙනවා.

යුරෝපා කලාපයේ ආසාදිතයින් වාර්තා වීම ගෙවුණු සතියේ  16% කින් අඩු වී ඇති බව පෙන්වා දෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා කියා සිටියේ නැගෙනහිර මධ්‍යධරණී කලාපයේ පමණක් රෝගීන් වාර්තා වීම 7 % ක වැඩිවීමක් පෙන්නුම් කරන බවයි.

ලොව පුරා කොරෝනා ආසාදිතයින් එකොලොස් කෝටි 15,714 ක් වාර්තා වන අතර, මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 24 ලක්ෂ 28,087ක් ලෙසයි.

 

 

Related posts

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ‘දුර්ලභ’ භූ කම්පනයක්

Mohamed Dilsad

පරාජයටපත් ජනපති ට්‍රම්ප් ජනතාව අමතයි

Mohamed Dilsad

ඇමරිකානු ජනපති ඉන්දියාවට

Mohamed Dilsad

Leave a Comment