දේශීය

සාමාන්‍ය පෙළ විභාග ප්‍රවේශ පත්‍ර තැපෑල ඔස්සේ යොමු කිරීම ඇරඹෙයි

(UTV| කොළඹ) – මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින පාසල් අයදුම්කරුවන් සදහා විභාග ප්‍රවේශ පත්‍ර තැපෑල ඔස්සේ යොමු කිරීම ආරම්භ කර ඇත.

විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කලේ කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපවල පාසල්වල විදුහල්පතිවරුන්ට විභාග දෙපාර්තමේන්තුවට පැමිණ විභාග ප්‍රවේශපත්‍ර අද (17) දිනයේදී ලබා ගත හැකි බවයි.

අනෙකුත් අධ්‍යාපන කළාපවල පාසල් අයදුම්කරුවන් සදහා ඊයේ දිනයේදී විභාග ප්‍රවේශපත්‍ර තැපැල් මගින් යොමු කිරීමට කටයුතු කර ඇත.

මේ අතර පෞද්ගලික අයදුම්කරුවන් සදහා අද දිනයේදී ප්‍රවේශපත්‍ර තැපැල් කිරීමට නියමිත බව සනත් පූජිත මහතා කියා සිටියේය.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය මාර්තු 01 වනදා සිට 10 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

 

Related posts

ලංගම ප්‍රවේශපත්‍ර වංචා වැළැක්වීමට විශේෂ වැටලීම් ඒකකයක්

Mohamed Dilsad

දුම්රියක් පීලි පැන මැදිරියක් පෙරළෙයි

Mohamed Dilsad

කලින් හොරු අහුවුණා දැන් ඊටත් කලින් හොරු අහුවෙලා ඉන්නේ – බිමල් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment