විදෙස්

මියන්මාරයේ හමුදා පාලනයට එරෙහි විරෝධතාකරුවන්ට වසර 20 ක සිර දඬුවම්

(UTV | මියන්මාරය) – මියන්මාරයේ හමුදා පාලනයට එරෙහි විරෝධතාකරුවන්ට වසර 20 ක සිර දඬුවම් නියම කරන බවට එරට හමුදා පාලනය අනතුරු අඟවා තිබේ.

මේ වනවිටත් ලක්ෂ සංඛ්‍යාත මියන්මාර වැසියන් හමුදා පාලනයට එරෙහිව වීථි බැස විරෝධතාවලට නිරතවන්නේ මේ වනවිට රඳවා සිටින ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාතික ලීගයේ නායිකා අවුන්සාන් සුඛී නිදහස් කරන ලෙස හමුදා පාලනයට බල කරමින්.

ඊට අමතරව, හමුදා කුමන්ත්‍රණය මෙහෙයවූවන්ට එරෙහිව පළ කරන වෛරී ප්‍රකාශ සම්බන්ධයෙන් ද දීර්ඝ කාලීන සිර දඬුවම් ලබා දෙන බවට අනතුරු අඟවා තිබේ.

මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයට එරෙහිව දින කිහිපයක සිට දැවැන්ත විරෝධතා පැවැත්වේ.

 

 

Related posts

ඔස්ට්‍රේලියානු අගමැතිට ජනතාවගේ දැඩි විරෝධය

Mohamed Dilsad

සෞදිය කටාර් ගුවන් සේවයේ බලපත්‍රය අවලංගු කරයි

Mohamed Dilsad

ඉන්දියාවේ හඳුනා නොගත් රෝගයකින් 140 ක් රෝහලේ

Mohamed Dilsad

Leave a Comment