විදෙස්

සෞදිය කටාර් ගුවන් සේවයේ බලපත්‍රය අවලංගු කරයි

(උදයම්,සෞදි අරාබිය)  – සෞදි අරාබිය විසින් කටාර් ගුවන් සේවයේ බලපත්‍රය අවලංගු කරයි.

ඊට අමතරව සෞදි අරාබියේ පිහිටා තිබෙන කටාර් ගුවන් සේවයේ කාර්යාල සියල්ල පැය 48 ක් තුළ වසාදමන ලෙසද නියෝගයක් කර ඇත.

කටාරය සමග තානාපති සබඳතා අත්හැරීමට අරාබි රටවල් ගත් තීරණයත් සමග ඊජිප්තුවද කටාරයේ ගුවන් යානාවලට සිය ගුවන් කලාපයට ඇතුලූවීම තහනම් කළේය.

සෞදි අරාබිය, බහරේන්, ඊජිප්තුව සහ එක්සත් අරාබි එමිර් රාජ්‍ය කටාර් රජය සමඟ රාජ්‍යත්‍රාන්තික සබදතා නවතා දැමීමට තීරණය කරනු ලැබුවේ කටාර් රාජ්‍යය ත්‍රස්තවාදී කණ්ඩායම් කිහිපයකට සහය දැක්වීම හේතුවෙනි.

Related posts

බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය ඝාතනය කිරීමට සැලසුම් කළ 14 කට මරණ දඬුවම

Mohamed Dilsad

ප්‍රංශයෙනුත් කොරෝනා නව වෛරස් ප්‍රභේදය සොයා ගනී

Mohamed Dilsad

ඉන්දියාව සිය 72 වන නිදහස් දිනය සමරයි

Mohamed Dilsad

Leave a Comment