දේශීය

පාසැල් සිසුවියක් ඉහල කොත්මලේ ජලාශයට පැන දිවි නසා ගනී

(UTV | කොළඹ) – ඉහල කොත්මලේ ජලාශයේ පාවෙමින් තිබු පාසල් සිසුවියකගේ සිරුර අද (12) දින ජලාශයෙන් තිබි ගොඩගත් බව තලවකැලේ පොලිසිය පවසයි.

පොලිසිය සඳහන් කරන්නේ මෙසේ ගොඩගනු ලැබුවේ තලවකැලේ රත්නිල්ලකැලේ ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවියකගේ සිරුරක් බවයි.

එම සිදුවිය අද පෙරවරු 6.30 ට පමණ නිවසින් පිටවූ පාසල් සිසුවිය ඉහල කොත්මලේ ජලාශය හරහා ඉදිකර තිබෙන දුම්රිය පාලම මතින් මතින් ජලාශයට පනින අයුරු ප්‍රදේශවාසින් විසින් දැක ඇති බවයි තලවකැලේ පොලිසිය කියා සඳහන් කළේ.

මව සමග ඇතිවූ සිත් තැවුලක් හේතුවෙන් පාසල් සිසුවිය නිවසින් පැමිණ ජලාශයට පනින්නට ඇති බවත් ගොඩගත් සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා නුවරඑලිය මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බවත් තලවකැලේ පොලිසිය පවසයි.

 

Related posts

පළාත් සභා මැතිවරණය පිළිබඳ අවසන් තීන්දුව අද

Mohamed Dilsad

රටවල් කීපයක සිටින ලාංකිකයින් ගෙන්වා ගැනීමට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

නිරෝධායන නීති කැඩූ 34ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment