විදෙස්

චීනය BBC ලෝක සේවාව අත්හිටුවයි

(UTV | චීනය) – BBC ලෝක සේවාව තම රට තුළ විකාශය කිරීම චීනය විසින් අත්හිටුවා තිබේ.

ඒ අනුව BBC රූපවාහිණි සහ ගුවන් විදුලි සේවාවන් එරට තුළ විකාශය කිරීම නතර වනු ඇත.

කොරෝනා වෛරසය සම්බන්ධ වාර්තාකරණයේදී BBCය විසින් අසත්‍ය කරුණු පලකර ඇති බවයි චීනයේ චෝදනාව වී ඇත.

එමෙන්ම තවත් වසරක පමණ කාලයක් යනතුරු මෙම තහණම ඉවත් නොකරන බවද චීනය සඳහන් කර තිබේ.

එමෙන්ම බ්‍රිතාන්‍යයේ මාධ්‍ය නියාමන ආයතනය මගින් චීනයේ රාජ්‍ය රූපවාහිණී සේවාව CGTN නාලිකාවේ විකාශනය බ්‍රිතාන්‍යය තුළ විකාශය කිරීම පසුගියදා අත්හිටවනු ලැබීය. චීනය විසින් BBC ලෝක සේවාව අත්හිටුවීමට එයද හේතු වී ඇති බවද වාර්තා වෙයි.

 

Related posts

YouTube නතරවීමට හේතුව දැනුම් දෙයි

Mohamed Dilsad

අමෙරිකාවේ පූර්ණ අනුමැතිය හිමිවූ කොවිඩ් මර්දන එන්නත

Mohamed Dilsad

ට්‍රම්ප් පැනවූ දෙවෙනි තහනමටද අධිකරණ වාරණයක්

Mohamed Dilsad

Leave a Comment