විදෙස්

චීනය BBC ලෝක සේවාව අත්හිටුවයි

(UTV | චීනය) – BBC ලෝක සේවාව තම රට තුළ විකාශය කිරීම චීනය විසින් අත්හිටුවා තිබේ.

ඒ අනුව BBC රූපවාහිණි සහ ගුවන් විදුලි සේවාවන් එරට තුළ විකාශය කිරීම නතර වනු ඇත.

කොරෝනා වෛරසය සම්බන්ධ වාර්තාකරණයේදී BBCය විසින් අසත්‍ය කරුණු පලකර ඇති බවයි චීනයේ චෝදනාව වී ඇත.

එමෙන්ම තවත් වසරක පමණ කාලයක් යනතුරු මෙම තහණම ඉවත් නොකරන බවද චීනය සඳහන් කර තිබේ.

එමෙන්ම බ්‍රිතාන්‍යයේ මාධ්‍ය නියාමන ආයතනය මගින් චීනයේ රාජ්‍ය රූපවාහිණී සේවාව CGTN නාලිකාවේ විකාශනය බ්‍රිතාන්‍යය තුළ විකාශය කිරීම පසුගියදා අත්හිටවනු ලැබීය. චීනය විසින් BBC ලෝක සේවාව අත්හිටුවීමට එයද හේතු වී ඇති බවද වාර්තා වෙයි.

 

Related posts

කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ කළ ප්‍රකාශයක ඇතුළත් චෝදනා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රතික්ෂේප කරයි.

Editor O

මගී ගුවන් යානයක් මුහුදට ගොඩ බස්වයි

Mohamed Dilsad

වසංගතය තවත් දරුණුයි – ට්‍රම්ප්ගෙන් ඇමරිකානුවන්ට ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment