විදෙස්

මියන්මාර හමුදා නායකයන්ට එරෙහිව සම්බාධක පණවමින් විධායක නියෝගයක්

(UTV | මියන්මාර) – මියන්මාර හමුදා කුමන්ත්‍රණයට සම්බන්ධ නායකයන් රැසකට එරෙහිව සම්බාධක පණවමින් ඇමරිකා ජනාධිපති ජෝ බයිඩ්න් විසින් විධායක නියෝගයක් පණවා ඇත.

ඒම නියෝගය සිදුකර ඇත්තෙ හමුදාවේ ජ්‍යෙෂ්ඨයන් / ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් මෙන්ම ඔවුන්ට සම්බන්ධ ව්‍යපාර සඳහාද බලපැවැත්වෙන පරිදියි.

එමෙන්ම අමෙරිකාව තුළ රඳවා ඇති මියන්මාර රජයට සම්බන්ධ ඩොලර් බිලියනයක වත්කම් සඳහා පිවිසීමද මියන්මාර හමුදා පාලකයන්ට අත්හිටුවා තිබේ.

දැනට නිවාස අඩස්සියේ සිටින මියන්මාර ප්‍රජාතන්ත්‍රවාදී ලීගයේ නායිකා අවුන්සාන් සුචී ඇතුලු අනෙකුත් දේශපාලනඥයන් වහා නිදහස් කිරීම ජෝ බයිඩ්න් මහතාගේ ඉල්ලීම වී ඇත.

 

Related posts

ලෝ පුරා කොරෝනා ආසාදිතයන් අසූ ලක්ෂයට ආසන්න වෙයි

Mohamed Dilsad

සීමා ඉවත්කළ යුතු බව පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

Mohamed Dilsad

ඉරාක අගමැතිව ඉලක්ක කර ගුවනින් ප්‍රහාරයක්

Mohamed Dilsad

Leave a Comment