ව්‍යාපාරික

කෘෂිකර්මාන්තයේදී කාබනික පොහොර නිෂ්පාදනයට රජය මැදිහත් වෙයි

(UTV| කොළඹ) – ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය කාබනික පොහොර භාවිතයට යොමු කිරීමේ අවශ්‍යතාව “රට හදන සෞභාග්‍යයේ දැක්ම” රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය මඟින් අවධාරණය කර ඇත.

අදාළ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා වූ උපායමාර්ගගත වැඩපිළිවෙල මෙහෙයවීම සඳහා නවීන තාක්ෂණික හා පර්යේෂණාත්මක පහසුකම් සහිත අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුගත වන අන්දමින් කාබනික පොහොර නිෂ්පාදනය, අලෙවිය හා පර්යේෂණ හා සංවර්ධන කටයුතු සිදු කිරීමට හැකියාව ඇති රාජ්‍ය ආයතනයක් පැවතීමේ අවශ්‍යතාවය ද හඳුනාගෙන තිබේ.

ඒ අනුව, සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම, කාබනික පොහොර හා ඉහළ පරම්පරාවල රසායනික පොහොර නිෂ්පාදන සකස් කර බෙදා හරින හා ඒ පිළිබඳව පර්යේෂණ හා සංවර්ධන කටයුතුවල යෙදෙන ආයතනයක් වශයෙන් පරිවර්තනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස කෘෂිකර්ම අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලැබී ඇත.

 

Related posts

ශ්‍රී ලංකා තේ සඳහා ඇති තීරු බදු පහත හෙලීමට දකුණු අප්‍රිකාව සූදානමින්

Mohamed Dilsad

මෙරට දුම්වැටි නිෂ්පාදනය පහළ යයි.

Mohamed Dilsad

ඉතිහාසයේ ප්‍රථම වරට ඩොලරය රුපියල් 202 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment