දේශීය

දිවයින පුරා වතු කම්කරුවන් අද වැඩ වර්ජනයක

(UTV | නුවරඑළිය) – දිවයින පුරා වතු කම්කරුවන් අද (05) වැඩ වර්ජනයක නිරත වෙයි.

ඒ රජය පොරොන්දු වී තිබියදීත් වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කර නොමැති බවට චෝදනා කරමින්.

මෙම වර්ජනය සංවිධානය කර ඇත්තේ ලංකා කම්කරු කොංග්‍රසය හා තවත් වෘත්තීය සමිති කිහිපයක් ඒකාබද්ධවයි.

වර්ජනයට සමගාමීව වතු ආශ්‍රිත නගර කිහිපයක වෙළෙදසැල් වසා තබමින් හර්තාල් ව්‍යාපාරයක්ද ක්‍රියාත්මක කිරීමට වතු කම්කරුවන් නියෝජනය කරන දේශපාලන පක්ෂ හා සංගම් තීරණය කර ඇත.

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීම සම්බන්ධයෙන් රජය, වතු හාම්පුතුන් සහ වෘත්තීය සමිති අතර සාකච්ඡා වට 15 ක් පමණ පවත්වා ඇති නමුත් ඒ සියල්ල අවසන් වූයේ එකඟතාවයකින් තොරවයි.

 

 

Related posts

දුම්රිය හා බස් රථ අවුරුදු මෙහෙයුම අරඹයි

Mohamed Dilsad

වෛරය පිරි මැසූ හැටි

Mohamed Dilsad

ජනාධිපතිකම, තුනෙන් දෙකයි අරගෙන, ආණ්ඩුව කළේ බොරු කියපු එක විතරයි – දුමින්ද දිසානායක

Editor O

Leave a Comment