දේශීය

බස්නාහිර පාසල්වල අහඹු ලෙස රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ

(UTV| කොළඹ) – බස්නාහිර පළාතේ පාසල්වල අහඹු ලෙස තෝරාගත් සිසුන් සහ ගුරුවරුන් සඳහා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා වන වැඩසටහන් මාලාවේ පළමු පියවර අද (01) රාජගිරිය ජනාධිපති විද්‍යාලයේදී ආරම්භ විය.

එම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියේය.

දිනකට පාසල් දෙක තුනක් තෝරා ගෙන එක් එක් පාසලෙන් සිසුන් 30ක් පමණ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් සිදුකිරීමට කටයුතු කරන බවත් , එහිදී පාසල් තුළ කොවිඩ් – 19 කොතරම් දුරට පැතිරයමින් තිබෙනවා ද යන්න පිළිබඳ තොරතුරු සොයාගත හැකි බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

එමෙන්ම , පසුගිය වසරේ ඔක්තෝබර් මස 4 වන දින සිට අද (01) දක්වා වු කාලය තුළ බස්නාහිර පළතේ ආසාදිතයින් 42,000 ඉක්මවා ගොස් තිබේ.

ඊයේ (31) දිනයේ දී මෙරටින් කොවිඩ් – 19 ආසාදිතයින් 864 ක් වාර්තා වූ අතර ඉන් 27 දෙනෙක් විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් වේ.

 

Related posts

ගල්කිස්ස පොලිස් ස්ථානාධිපති මාරු කර, සාමාන්‍ය රාජකාරි සඳහා යොදවයි

Editor O

තුන් වන මාත්‍රාවක් දීමට තවම තීරණයක් ගෙන නැහැ

Mohamed Dilsad

ගුරු ස්ථාන මාරුවීම් සඳහා නවතම APP එකක්

Mohamed Dilsad

Leave a Comment