දේශීය

තුන් වන මාත්‍රාවක් දීමට තවම තීරණයක් ගෙන නැහැ

(UTV | කොළඹ) – කොවිඩ් මර්දන එන්නතේ තුන්වෙනි මාත්‍රාවක් ලබා දීම සම්බන්ධයෙන් නිශ්චිත නිර්දේශ ඉදිරිපත්ව නැති බව ත් ඒ පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ, එවැනි නිර්දේශයක් ලද වහාම එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය හැකියාව රජය සතුව ඇති බවයි.

“නමුත් ඕනෑම මොහොතක එවැනි නිර්දේශයක් ලැබුණු වහාම මේක ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය හැකියාව අපි ළඟ තියෙනවා. සීමාකාරී සාධක හැටියට අපි දකින්නේ එන්නත් ලැබෙන ප්‍රමාණ. ඒක ලැබුණොත් අපිට ඒක ලබා දීම ගැටලුවක් වෙන්නෙ නෑ”

Related posts

ඊයේ වැඩිම ආසාදිතයන් කළුතර දිස්ත්‍රික්කයෙන් – කොළඹ දෙවැනි තැනට

Mohamed Dilsad

ඉන්දියාවේ පසුගිය දා සිදුවූ ගුවන් අනතුර ගැන විමර්ශන වාර්තාවකින් හෙළි වූ දේ

Editor O

කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක්

Mohamed Dilsad

Leave a Comment