Trending News

රාජ්‍ය වෙසක් උත්සවය කෑගල්ලේ වට්ටාරම ශ්‍රී අරහත්ව මලියදේව රජමහාවිහාර පරිශ්‍රයේදී හෙට ඇරඹේ

(උදයම්,කෑගල්ල)  – රාජ්‍ය වෙසක් උළලේ ප්‍රධාන උත්සව සභාව කෑගල්ලේ වට්ටාරම ශ්‍රී අරහත්ව මලියදේව රජමහාවිහාර පරිශ්‍රයේදී හෙට (09) පස්වරු 2.00ට ත්‍රෛනිකායික මහනාහිමිවරුවන්ගේ සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.

මෙම රාජ්‍ය වෙසක් උළෙල නිමිත්තෙන් ඊයේ (07) ආරම්භ වූ වෙසක් සතිය මැයි 13 වැනි දා දක්වා ක්‍රියාත්මක කෙරේ.

වෙසක් සතිය තුළ එහිදී පරිසරය හා බුදු දහම, සෞඛ්‍ය හා බුදු දහම, සාහිත්‍ය හා බුදු දහම, කලා හා බුදු දහම, ආර්ථිකය හා බුදු දහම යන මාතෘකා ඔස්සේ සම්මන්ත්‍රණ පැවැත්වීමට ද බුද්ධ ශාසන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

තව ද රාජ්‍ය වෙසක් උළෙල නිමිත්තෙන් බුද්ධ ශාසන අමාත්‍යාංශයේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් දහම් පාසල් මට්ටමින් රචනා තරගද පාසල් මට්ටමින් නාට්‍ය හා චිත්‍ර තරග ද පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මෙයට සමගාමීව කෑගල්ල දිස්ත්‍රික්කයේ විහාරස්ථාන 100ක් සහ දහම් පාසල් 100ක් වැඩිදියුණු කිරීමට තම අමාත්‍යාංශය කටයුතු කළ බව බුද්ධ ශාසන  හා අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

Related posts

நிதி மற்றும் ஊடகத்துறை அமைச்சர் , ஊடகத்துறை அமைச்சில் தனது கடமைகளை ஆரம்பித்தார்

Mohamed Dilsad

First programme of ‘Gama Hada Gamu’ today under President’s patronage

Mohamed Dilsad

Lost Kubrick script “Burning Secret” discovered

Mohamed Dilsad

Leave a Comment