දේශීය

එන්නත් රැගත් ගුවන් යානය හෙට දිවයිනට

(UTV | කොළඹ) – කොවිඩ් -19 මර්දනය සඳහා ඉන්දියාවේ නිෂ්පාදිත ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත හෙට (28) දිවයිනට රැගෙන ඒමට නියමිතව ඇත.

මෙරට පැතිර යන කොවිඩ් -19 වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් කොවිඩ් මර්දන එන්නත ඉන්දිය රජය විසින් පරිත්‍යාගයක් ලෙස මෙරටට ලබාදෙනු ඇත.

ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ චන්ද්‍රසිරි මහතා පැවසුවේ එන්නත් රැගත් ගුවන් යානය හෙට පෙරවරු 11.00 ට මෙරටට පැමිණීමට නියමිත බවය.

එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය විසින් සොයා ගන්නා ලද මෙම එන්නත ඉන්දියාවේ මුම්බායි හි පිහිටි ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලාවක් තුළ නිෂ්පාදනය කරනු ලබයි.

කිලෝග්‍රෑම් 1,323 ක් බරැති මෙම එන්නත් තොගය ගුවන් යානයේ විශේෂ ශීතාගාරයක් තුළ මෙරටට රැගෙන ඒමට නියමිතය.

පසුව එම එන්නත් තොගය ගුවන්තොටුපොළ ගුවන් ගැල් ගම්මානයේ ඇති ශීතාගාර තුළ ගබඩා කිරීමට සැලසුම් කර තිබේ.

 

Related posts

දුම්රිය ස්ථානාධිපතිවරු වැඩවර්ජනයක් අරඹයි.

Editor O

කොවිඩ් මැඩලීමට ස්වේච්ඡා බළකායක් පිහිටුවයි

Mohamed Dilsad

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පිරිස 9000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment