දේශීය

ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් කිරීමේ ගැටළුවක් ඇති බව ඇමති බන්දුල කියයි

(UTV |කොළඹ) –  මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පාසල් කඩඉම් ලකුණු නිකුත් කිරීමේ ක්‍රමවේදය පිළිබඳව අධ්‍යාපන බලධාරීන් වහාම පැහැදිළි කිරීමක් සිදුකළ යුතු බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ජනප්‍රිය පාසල් වර්ගීකරණය කර ඒ සඳහා කඩඉම් ලකුණු නිකුත් කරනු ලබන ක්‍රමවේදයේ විනිවිදභාවයක් නොමැති බවට අමාත්‍යවරයා චෝදනා කරයි.

දීර්ඝ කාලයක සිට 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් ලකුණු මට්ටම් තීරණය කරන්නේ කුමණ නිර්ණායක පදනම් කරගෙනද , කුමණ සූත්‍රයකට අනුවද යන්න පිළිබඳ කිසිම පැහැදිළි කිරීමක් කර නොමැති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියි.

මෙය මට හැඟෙන්නේ, අධ්‍යාපන අමාත්‍යාංශයේ බලවේග විසින් හසුරුවනු ලබන විවිධ පාර්ශ්වයන්ගේ ඕන එපාකම් අනුව මෙය තීරණයවන බවක් බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

Related posts

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර සාකච්ඡා ඇරඹේ

Editor O

ජනපති අද ඩුබායි රාජ්‍යයට

Mohamed Dilsad

දෙහිවල ජාතික සත්වෝද්‍යානය ලබන සඳුදා සිට විවෘතයි

Mohamed Dilsad

Leave a Comment