ව්‍යාපාරික

කොළඹ කොටස් වෙළෙඳපොළේ ඉහළ වර්ධනයක්

(UTV |කොළඹ) – කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (15) දිනය තුළ දී ඒකක 291.34 ක ඉහළ වර්ධනයක් වාර්තා කර තිබේ.

 

මේ අනුව  මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ වාර්තා රැසක් අලුත් කිරීමට අද (15) දිනයේදී සමත් විය.

ඒ අනුව දෛනික ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකයේ (ASPI) අගය ඒකක 7,734.57 ක් ලෙසින් වාර්තා වූ අතර එය පෙර ගනුදෙනු දිනයට සාපේක්ෂව 3.91% ක සුවිශේෂී වර්ධනයකි.

මෙය 2011 පෙබරවාරි 28 දිනෙන් පසු සියලු කොටස් මිල දර්ශකයේ වාර්තා වූ ඉහළ ම අගය වේ.

එක් දිනක් තුළ සියලු කොටස් මිල දර්ශක අගය වැඩිම ඒකක ප්‍රමාණයකින් ඉහළ ගිය දිනය ලෙසින් අද දින ඉතිහාසයට එක්ව්වේ.

Related posts

IIHS වෙතින් ගම්පහ දිස්ත්‍රික්කයේ සිසුන්ට ගුණාත්මක සෞඛ්‍ය සේවා අධ්‍යාපන සුදුසුකම්

Editor O

හිඟ බදු අය කර ගන්නැයි කළ නිර්දේශය සුරාබදු දෙපාර්තමේන්තුව පැහැර හැරීම ගැන පාර්ලිමේන්තු කාරක සභාවේ දැඩි අප්‍රසාදය

Editor O

බුද්ධික විට්ටහච්චි රෝහලේ නිර්මාතෘ ආචාර්ය ශ්‍රීමත් බී.එස්.ආර්.කේ. විට්ටහච්චි චීන කටු චිකිත්සාව පිළිබඳ ආචාර්ය උපාධිය සහ අන්තර්ජාතික ඇගැයීමට

Editor O

Leave a Comment