දේශීය

ජාති භේදයකින් තොරව සියලු ලක්වැසියන්ට සෞභාග්‍ය උදා කිරීම ඒකායන පරමාර්ථයයි

(UTV | කොළඹ) – ජාති ආගම් භේදයකින් තොරව ලක්වැසි සියලු ජනතාවට සෞභාග්‍ය උදා කිරීම තමාගේත් රජයේත් ඒකායන පරමාර්ථය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය තෛපොංගල් සුභ පැතුමෙන් දන්වා සිටී.

අතිගරු ජනාධිපතිතුමාගේ තෛපොංගල් දින පණිවිඩය page 001

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ, නව වසරේ උදාව සමරන සියලුම දමිල ජනතාව සහ අනෙකුත් ජාතීන්ට තෛපොංගල් දින අර්ථයන් සිය ජීවිතවලට ළඟා කර ගැනීමෙන් අනාගත ශ්‍රී ලංකාව සෞභාග්‍යමත්, හා සාමකාමී දේශයක් ලෙස පෙරට ගෙන ආ හැකි බවයි.

ශ්‍රී ලංකාවේ සාමය හා සංහිඳියාව අධිෂ්ඨාන කරගත් ජාතික සංහිඳියාවේ දිනයක් බවට තෛයිපොංගල් දින උත්සවය පත්වනු දැකීම සැමගේ අපේක්ෂාව බව ද අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

 

Related posts

ඉන්දුනීසියානු මුහුදු ප්‍රදේශයට ධීවර යාත්‍රා 30 ක් ගසාගෙන යයි

Mohamed Dilsad

බස්රථ පරීක්ෂාවට සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් 400 ක්

Mohamed Dilsad

මෙරටින් තවත් ආසාදිතයින් දෙදෙනෙක් හදුනා ගැනේ

Mohamed Dilsad

Leave a Comment