දේශීය

පිළි නොගත් එන්නතක් රටට ගෙන ඒම ඵල රහිතයි

(UTV |කොළඹ) – ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගෙන නොමැති එන්නතක් මෙරටට රැගෙන ඒමෙන් කිසිදු ප්‍රයෝජනයක් නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

සංගමයේ සංස්කාරක, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේ මෙරටට කොවිඩ් එන්නත ගෙන ඒමට කටයුතු කරන්නේනම් ඒ සඳහා තාක්ෂණික කමිටුවල උපදෙස් ලබාගත යුතු බවය.

වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි අනුමැතියටවත් යටත් කර නැති අවදානම් සහගත එන්නතක් අපේ රටට පලක් නොවන් බවයි.

“පාවිච්චි කරන රටේවත් හරි පිළිගැනීමක් නැති එන්නතක් අපිට වැඩක් නෑ. ඒ නිසා තාක්ෂණික කමිටුවල උපදෙස් අරගෙන මෙම එන්නත   ගෙන්වන්න ඕනේ.” යනුවෙන් ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

Related posts

“සහරාන්ගෙ දෙදෙනකු ආණ්ඩුව නිදහස් කරලා”

Mohamed Dilsad

“ඉටුකම” අරමුදලේ ශේෂය මිලියන 1217 ඉක්මවයි

Mohamed Dilsad

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවා ලබා ගැනීමට සම්බන්ධ විය යුතු දුරකථන අංක

Mohamed Dilsad

Leave a Comment