ගොසිප්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් කොරෝනා

(UTV |කොළඹ) – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් කොරෝනා වෛරසය ඇතුළු වී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හතර වැනි මහලේ රඳවා සිටින නීතිඥ හිජාස් අහමඩ් හිස්බුල්ලා සහ කොස්ගොඩ තාරක ඇතුළු නව දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ (07 ) තහවුරු වී ඇත.

පොලිස් මූලස්ථානය සඳහන් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිර මැදිරියක සිටි රැඳවූවකට කොරෝනා වෛරසය ආසාදනය වූ බව පසුගියදා තහවුරු වීමෙන් අනතුරුව රැඳවූවන් පිරිසකගේ PCR පරීක්‍ෂණ සිදු කළ බවයි.

එම පරීක්ෂණ කිරීමේදී මෙම නවදෙනාටද වෛරසය ආසාදනය වී ඇති බව තහවුරුවී තිබේ.

ආසාදිතයන් කළුතර පොලිස් නිරෝධායන මධ්‍යස්ථානය වෙත ඇතුළත් කර ඇති අතර ඉදිරියේදී සියලුම නිලධාරීන් සහ ඉතිරි රැඳවූවන් පීසීආර් පරීක්ෂණයන්ට යොමු කිරීමට නියමිතය.

පොදු වැසිකිළිය භාවිත කිරීමෙන් මෙම පිරිසට වෛරසය ආසාදනය වී ඇත්තේ බවට පොලිසිය සැක කරයි.

Related posts

නිරූපමා රාජපක්ෂ රටින් යයි

Mohamed Dilsad

ශවේන්ද්‍ර සිල්වාට සම්බාධක පනවන්න කියයි

Mohamed Dilsad

ඇදිරි නීති බලපත්‍ර අවභාවිත කරන්නන්ට දැඩි දඩුවම්

Mohamed Dilsad

Leave a Comment