විදෙස්

ඉතිහාසයේ ළාබාලතම ජනාධිපතිවරයා පත්වෙයි

(උදයම්,ප්‍රංශය)  – ප්‍රංශයේ පැවති ජනාධිපතිවරණයෙන් එරට ඉතිහාසයේ ළාබාලතම ජනාධිපතිවරයා ලෙස එම්මානුවෙන් මැක්‍රොන් ජයග්‍රහණය කරයි.

ඊයේ පැවති ජනාධිපතිවරණයෙන් ප්‍රංශයේ 39 වන ජනාධිපතිවරයා ලෙස තේරීපත්වූ එම්මානුවෙන් මැක්‍රොන් ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් 66.06%ක් ලබා ගත්තේය.

ජනාධිපතිවරණයේ එම්මානුවෙල් මැක්‍රොන්ගේ ප්‍රතිවාදිනිය වූ මැරීන් ලා පෙන් විසින් ලබාගෙන ඇත්තේ 33.94% ක ඡන්ද ප්‍රතිශතයකි.

එම ජයග්‍රහණයෙන් පසුව මාධ්‍ය ඇමතූ මැක්‍රොන්, තමාට ප්‍රංශ ඉතිහාසයේ නව පිටුවක් පෙරළීමට අවශ්‍ය බව සඳහන් කළේය.

ප්‍රංශ ජාතියේ එක්සත්භාවය හා ආරක්ෂාව සම්බන්ධයෙන් තමන්ට වගකීමේ සහතිකයක් ලබාදිය හැකි බව පවසා ඇති ඔහු යුරෝපයේ ආරක්ෂාව තහවුරු කරන බව අවධාරණය කර ඇත.

Related posts

උතුරු කොරියාවෙන් ට්‍රම්ප් ජනාධිපතිට ආරාධනයක්

Mohamed Dilsad

ප්‍රථම වරට චීනයෙන් – ඉරාකයට කොවිඩ් එන්නත් ප්‍රධානයක්

Mohamed Dilsad

දූවිලි කුණාටුවකින් ඉන්දියාවේ 70 කට වැඩි පිරිසක් මරුට

Mohamed Dilsad

Leave a Comment