දේශීය

සෞඛ්‍ය නීති කැඩුවොත් අද සිට දැඩි පියවර

(UTV |කොළඹ) – මුහුණු ආවරණ නොපැළඳීම සහ සමාජ දුරස්ථභාවය තබා නොගැනීම, යන නිරෝධායන නීති උල්ලංඝනය කරන පුද්ගලයන්ට එරෙහිව අද (05) සිට අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට අමතරව පී.සී.ආර්. හෝ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ සිදු කරන බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ මුහුණු ආවරණ නොපැළඳීම, සමාජය තුළ කොරෝනා ව්‍යාප්තියට හේතුවිය හැකි බවට වන සෞඛ්‍ය උපදෙස් ලබා දී ඇති බවයි.

මේ නිසා එම තත්ත්වය පාලනයට දැඩි පියවර ගැනීමට සිදුව තිබේ.

ඊයේ (04) දිනයේ මෙම චෝදනා මත පුද්ගලයින් 74 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව අදාළ නිරෝධායන නීති ක්‍රියාත්මක කිරීම ආරම්භ වූ පසුගිය ඔක්තෝම්බර් 30 වනදා සිට මේ දක්වා පුද්ගලයින් 2,172 කු අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දෙයි.

Related posts

මහ මැතිවරණ ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

Mohamed Dilsad

බොරලැස්ගමුවේ වෙඩි තැබීමක්

Editor O

ඇඳිරි නීතිය කඩකළ පිරිස පන්දහස ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment