දේශීය

යුක්‍රේන සංචාරකයින්ගේ සංචාර හදිස්සියේ අවලංගු කෙරේ

(UTV| පොළොන්නරුව) – යුක්‍රේන සංචාරකයින්ගේ සීගිරි හා පොළොන්නරු සංචාර අවලංගු කර තිබෙන බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසයි.

මෙරටට පැමිණි යුක්‍රේන සංචාරකයින් පිරිස අද (04) හා හෙට (05) පොළොන්නරුව සහ සීගිරිය ආශ්‍රිත ප්‍රදේශවල සංචාරය කිරීමට නියමිතව තිබූ බව මධ්‍යම සංස්කෘතික අරමුදල ඊයේ නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දුන්නේය.

ඒ හේතුවෙන් අද දහවල් 1.00 සිට පොළොන්නරුවේ සංචාරක ස්ථාන 4 ක් හා හෙට (05) දහවල් 12.00 දක්වා සීගිරිය සංචාරක කලාපය දේශීය සංචාරකයින්ට විවෘත නොකෙරෙන බව මධ්‍යම සංස්කෘතික අරමුදල මීට පෙර දැනුම් දී තිබුණි.

 

Related posts

STF වැටලීමේදී වෙඩිකෑ වෙඩික්කරු ගැන තොරතුරු රැසක් හෙළිවෙයි

Mohamed Dilsad

අද දවසේ කාලගුණය මෙන්න

Mohamed Dilsad

කොළඹට පැය-21 ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment