දේශීයව්‍යාපාරික

සතොස මුහුණු ආවරණ අලෙවියෙන් කොටසක් මහපොළ ශිෂ්‍යත්ව භාරකාර අරමුදලට

(UTV |කොළඹ) – සතොස ආයතනය මඟින් අලෙවිකරන මුහුණු ආවරණවලින් ලැබෙන ආදායමෙන් කොටසක් මහපොළ ශිෂ්‍යත්ව භාරකාර අරමුදලට බැර කරන බව රජය පවසයි.

වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ දේශීයව නිෂ්පාදිත උසස් තත්වයේ මුහුණු ආවරණ සතොස හරහා රුපියල් 15ක මුදලකට මිලට ගත හැකි බවයි.

සතොස ආයතනයේ නව සභාපතිවරයා ලෙස රියර් අද්මිරාල් ආනන්ද පීරිස් එම ධුරයේ රාජකාරී අරඹමින් සතොස මූලස්ථානයේ පැවති උත්සව අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

ඒ අනුව සෑම මුහුණු ආවරණයකින්ම රුපියලක මුදලක් අද (01) සිට මහපොළ ශිෂ්‍යත්ව භාරකාර අරමුදලට බැර වේ.

මේ අතර මහපොළ භාරකාර අරමුදල සතුව ඇති රුපියල් බිලියන 12.2ක ශිෂ්‍යත්ව අරමුදල් ප්‍රමාණය ක්‍රමානුකූලව වැඩිදියුණු කිරීම සඳහා තවත් පියවරයන් රැසක් මේ වන විට ගෙන ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

පාසල් දිවා ආහාර වැඩසටහන ව්‍යාප්ත කෙරේ

Mohamed Dilsad

දේශබන්දු තෙන්නකෝන්ගේ නිවසේ තිබී හමුවූ දේවල් ගැන ඇමති ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේ කියයි.

Editor O

අද පැය පහකට විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment