දේශීය

පලා ගිය කොවිඩ් රැඳවියන් සොයා තවදුරටත් මෙහෙයුම්

(UTV |පොළොන්නරුව) – පොළොන්නරුව ගල්ලෑල්ල කොවිඞ් ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පැනගොස් ඇති කොරෝනා ආසාදිත රැඳවියන් අතරින් 4 දෙනෙකු මේ වනතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.

මෙම රැදවියන් පිරිස අත්අඩංගුවට ගැනීමට පොලිසියට සහය වන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මනතා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

කොරෝනා වෛරසය ආසාදනයවී ප්‍රතිකාර සදහා පොළොන්නරුව ගල්ලෑල්ල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුලත් කර තිබූ බන්ධනාගාර රැදවියන් 5 දෙනෙකු ඊයේ අලූයම පළාගොස් තිබූ අතර ඉන් අයෙකු ඊයේ දිනයේදීම අත්අඩංගුවට ගැනුණි.

සෙසු පිරිස පිළිබද තොරතුරක් වෙතොත් පොළොන්නරුව මූලස්ථාන පොලිස් පරික්ෂකවරයාගේ 071 859 1233 දුරකථන අංකයට හෝ ළගම පිහිටි පොලිස් ස්ථානය වෙත දැනුම් දෙන ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Related posts

පවතින තත්ත්වය හමුවේ රාජකාරී සිදුකරන රජයේ ක්ෂේත‍්‍ර නිලධාරීන්ට අමතර දීමනා

Mohamed Dilsad

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු පත් කිරීමට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

Editor O

මූල්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශය

Mohamed Dilsad

Leave a Comment