දේශීය

සහන පොලියට නිවාස ණය මේ වසරේ සිට

(UTV |කොළඹ) – රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවයේ නියුතු අයට නිවාස මිලදී ගැනීම සඳහා 2021 අයවැය මගින් හඳුන්වා දුන් 6.25%ක් සහන පොලියක් යටතේ වන විශේෂ ණය යෝජනා ක්‍රමය අද (1 වැනිදා) සිට ක්‍රියාත්මක වේ.

මුදල් අමාත්‍යංශ පවසන පරිදි නාගරික සංවර්ධන අධිකාරිය විසින් නාගරික හා අර්ධ නාගරික ප්‍රදේශවල ඉදිකිරීමට සැලසුම්කර ඇති නිවාස යෝජනා ක්‍රමයන්හි නිවාස මිලදී ගැනීමට මෙමගින් අවස්ථාව ලැබේ.

විවිධ ප්‍රදේශවලින් සංක්‍රමණය වී කොළඹ ඇතුළු ප්‍රදේශවල සේවයේ නියුතු තරුණ පිරිස්වලට මෙම ණය යෝජනා ක්‍රමයේදී ප්‍රමුඛතාව ලබාදෙනු ඇත.

නිකුත් කෙරෙන උපරිම ණය මුදල ලක්ෂ සියයකි. ආපසු ගෙවීමේ කාලය වසර විසිපහක් දක්වා වේ. ලංකා බැංකුව, මහජන බැංකුව හා ජාතික ඉතිරි කිරීමේ බැංකුව මගින් මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරයි.

Related posts

චීන ජාතිකයා ගැන නීතිපති අධිකරණයට කළ දැනුම්දීම

Mohamed Dilsad

සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 242 ක් දක්වා ඉහළට [UPDATE]

Mohamed Dilsad

Leave a Comment