දේශීය

කොල්ලුපිටියේ ගොඩනැගිල්ලක් ජලයෙන් යටවී පුද්ගලයෙකු මරුට

(UTV |කොළඹ) – ඊයේ රාත්‍රියේ ඇති වූ අධික වර්ෂාවත් සමඟ කොල්ලුපිටිය ඩුප්ලිකේෂන් පාරේ ඉදිකරගෙන යනු ලබන නව ගොඩනැගිල්ලක බිම් මහල ජලයෙන් යටවීම හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.

එම ගොඩනැගිල්ලේ බිම් මහල සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වී ඇත.

මෙහිදී මියගොස් ඇත්තේ එහි සේවය කරමින් සිටි පුද්ගලයෙකි.

මියගිය පුද්ගලයාගේ මළ සිරුර අද(30) උදෑසන සොයාගත් බව පොලිසිය පවසයි.

ජලයෙන් යට වූ බිම් මහලේ තවත් පුද්ගලයින් පස් දෙනෙකුද රැඳී සිට ඇති අතර, පසුව ඔවුන්ද බේරා ගෙන ඇත.

Related posts

අධිවේගී මාර්ගවල ගාස්තු QR ක්‍රමවේදය හරහා අය කිරීමට අනුමැතිය

Mohamed Dilsad

ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව ලක්ෂ 04 ඉක්මවයි

Mohamed Dilsad

ජීවන්ත පීරිස් පියතුමා අත්අඩංගුවට ගැනීමේ උත්සාහයට එරෙහිව අත්සන් 1640ක විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment