දේශීය

බස්නාහිර රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 10,000 ඉක්මවයි

(UTV | කොළඹ) – බස්නාහිර පළාතෙන් පිටවීමේදී ස්ථාන 11 ක සිදුකෙරෙන හදිසි ප්‍රතිදේහ පරීක්ෂා සංඛ්‍යාව 10,000 ඉක්මවා ඇත.

ඊයේ (28) දිනයේ දී පමණක් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 1,359 සිදුකර ඇති අතර, ඉන් ආසාදිතයින් 7 දෙනෙක් හඳුනාගත් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

ඒ අනුව පසුගිය 18 වනදා සිට අද අලුයම 06 දක්වා සිදුකල පරීක්ෂාවලදී හඳුනාගෙන ඇති මුලු කොවිඩ් ආසාදිතයන් ගණන 61 ක්.

ඔවුන්ගේ සමීපතමයින් 315 දෙනෙක් පමණ නිරෝධායනය ක්‍රියාවලියට යොමුකර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

ජනවාරි මස 05 වන දින තෙක් කොළඹින් පිටව යන පුද්ගලයින් සඳහා ස්ථාන 11 ක දී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සිදුකිරීමට නියමිතව තිබේ.

 

Related posts

සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය, මාලිමාව පරදියි

Editor O

දක්ෂිණ අධිවේගයේදී හෙරොයින් සමඟ පස්දෙනෙක් අත්අඩංගුවේ

Mohamed Dilsad

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් රුපියල් ලක්ෂ 28ක වෛද්‍ය උපකරණ කරවනැල්ල රෝහලට

Editor O

Leave a Comment