දේශීය

සංචාරකයින් ගෙන්වීම අද සිට ඇරඹේ

(UTV |කොළඹ) – කොවිඩ් -19 වසංගතය හමුවේ අත්හිටුවා තිබූ මෙරටට සංචාරකයින් ගෙන්වීමේ වැඩපිළිවෙළ අද (28) සිට යළි ආරම්භ කර තිබේ.

ඒ අනුව අද පස්වරු 1.30 පමණ  යුක්‍රේනයේ සිට ගුවන් මගීන් 185 දෙනෙකු මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතය.

ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ උප සභාපති රජීව් සුරියආරච්චි මහතා පැවසුවේ, මෙම සංචාරකයින් පිරිස මෙරට ගුවන්තොටුපොළට ළඟාවීමෙන් අනතුරුව සියලූම නිරෝධායන පිළිවෙත් අනුගමනය කරමින් ඒ කටයුතු සිදු කරන බවයි.

ගුවන්තොටුපොළ කාර්යමණ්ඩලය ඒ අවශ්‍ය කටයුතු සඳහා සූදානමින් කර ඇති බවද ඔහු පැවසීය.

Related posts

ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි පක්ෂ මූලස්ථානය අසළ සිට වැඩ අරඹයි.

Editor O

විදෙස් අමාත්‍යවරු පිරිසක් ජනපති හමුවෙති

Mohamed Dilsad

ඉදිකිරීම් ක්ෂේත්‍රය ගැන සාකච්ඡාවක් හෙට

Mohamed Dilsad

Leave a Comment