දේශීය

කොවිඩ් වලින් මියයන අය භූමදානය කරන බවට අසත්‍ය ප්‍රචාරයක්

( UTV |කොළඹ ) – කොවිඩ් මරණ පිළිබඳව ව්‍යාජ පුවත් නිර්මාණය කිරීමෙන් වැළකී සිටින ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලා සිටියි.

කොවිඩ් 19 වෛරසය ආසාදනය වී මියයන පුද්ගලයන්ගේ සිරුරු භූමදානය හෝ ආදාහනය කිරීම සම්බන්ධව සමහර දේශපාලනඥයන් සහ සමාජ මාධ්‍ය විසින් වැරදි ප්‍රචාර කරන බව පෙනී ගොස් ඇත.

එහිදී දේශපාලන අරමුණින් ආණ්ඩුවට සම්බන්ධ ප්‍රබල දේශපාලන චරිත ඈඳාගෙන සමහර වෙබ් අඩවි නිර්මාණය කරන ව්‍යාජ පුවත් පිළිබඳව ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුවී ඇත.

මේ නිසා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.එහි දැක්වෙන්නේ,

දැනට සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලැබී ඇති සියලු විශේෂඥ වාර්තා අනුව කොවිඩ් 19 වෛරසය ආසාදන වී මියයන සියලු දෙනා ගේ මෘත ශරීර ආදාහනය පමණක් සිදුකරන අතර සෞඛ්‍ය ප්‍රතිපත්ති දේශපාලන අරමුණින් යුතුව විකෘති කරමින් ව්‍යාජ පුවත් සමාජ ගත කිරීමෙන් වැළකී සිටින ලෙස සියලු පාර්ශ්වයන්ගෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලා සිටියි.

විරාජ් අබේසිංහ
මාධ්‍ය ලේකම්
සෞඛ්‍ය අමාත්‍යංශය

Related posts

ඩක්කුවක් කඩාවැටී භික්ෂූන් වහන්සේලා සත්නමක් අපවත්වෙති

Editor O

ජාතික සමඟි ජනබලවේගයෙන් මැතිවරණ කොමිසමට ඉල්ලීමක්

Mohamed Dilsad

සමගි ජන බලවේගයේ අභියාචනය අධිකරණය ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

Leave a Comment