දේශීය

තොන්ඩමාන් ඇමති සහ පළාත් පාලන මන්ත්‍රීවරුන් පිරිසක් නිරෝධායනයට

(UTV |නුවරඑළිය) – රා​ජ්‍ය ඇමැති ජීවන් තොණ්ඩමාන් සහ මධ්‍යම පළාතේ පළාත් සභා හා පළාත් පාලන මන්ත්‍රීවරුන් සිව් දෙනකු ඇතුළු පිරිසක් සෞඛ්‍ය අංශ විසින් පෙරේදා රාත්‍රියේ ස්වයං නිරෝධායනයට ලක්කර ඇත.

ඒ ඔවුන් සියළු දෙනා කොවිඩ් ආසාදිත ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ ආශ්‍රීතයන් වූ නිසාය.

දික්ඔය ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු එහි මන්ත්‍රීවරුන් දෙදෙනකුත්, එම ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයාත් මධ්‍යම පළාත් සභා මන්ත්‍රීවරයකුත් ඒ අතර සිටින බවත් ආගරපතන ප්‍රාදේශීය සභාවේ ආශ්‍රිතයන් වශයෙන් හඳුනාගත් අනූ එක් දෙනකු මේ වන විට ස්වයං නිරෝධායනයට ලක්කර සිටින බවත් නුවරඑළියේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.

සභාපතිවරයාගේ ආශ්‍රිතයන් වශයෙන් 500කට අධික පිරිසකට මේ වන විට ස්වයං නිරෝධායනයට ලක්කර ඇත. ඔහුගේ තවත් ආශ්‍රිතයන් සොයා සෞඛ්‍ය අංශ හා පොලිසිය විමර්ශන සිදුකරයි.

Related posts

තවත් ආසාදිතයින් 715කට සුවයි

Mohamed Dilsad

ඖෂධ වර්ග 110ක් විදේශ රටවල් වලින් ඍජුව ගෙන්වීමට අවධානය.

Editor O

පැතිර යන තවත් වෛරස් ප්‍රභේදයක් ගැන දැඩි අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

Leave a Comment