ප්‍රමුඛ පුවත 1

බැසිල් රාජපක්ෂ ඇතුළු සිව් දෙනෙකුට සිතාසි නිකුත් කෙරේ

(උදයම්,කොළඹ)  – 2015 ජනාධිපතිවරණ සමයේ දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන 2991ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු සිව් දෙනෙකුට එරෙහි චෝදනා සම්බන්ධ සාක්ෂි විභාගය නොවැම්බර් මස 08 වනදා සිට සිදු කිරීමට තීරණය කරයි.

කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා නියෝග කළේ නොවැම්බර් මස 08දා අධීකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කරන ලෙසයි.

චෝදනා 07ක් යටතේ නීතිපතිවරයා විසින් අදාළ පැමිණිල්ල ගොණු කර තිබුණි.

දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ කිත්සිරි රණවක, හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ බන්දුල තිලකසිරි සහ අර්ථික සංවර්ධන අමාත්‍යංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක යන මහත්වරුන් ද චූදිතයින් අතර වෙයි.

Related posts

සියොන් දේවස්ථාන බෝම්බකරුගේ හිස මිහිදන් කිරීමට දුන් අධිකරණ තීන්දුව

Mohamed Dilsad

යුද හමුදාවේ 70 වන සංවත්සරය

Mohamed Dilsad

සිංගප්පූරු විදේශ කටයුතු ඇමති දිවයිනට

Mohamed Dilsad

Leave a Comment