දේශීය

LTTE අවි ගබඩාවක් කිලිනොච්චියෙන් සොයා ගනී

(UTV |කිලිනොච්චිය) – LTTE  සංවිධානය විසින් යුද සමයේදී කිළිනොච්චිය අරිවියල් නගර ප්‍රදේශයේ පවත්වාගෙන ගිය අවි ගබඩාවක් ඊයේ(21)දින සොයා ගෙන ඇත.

පවතින අධික වර්ෂාවත් සමඟ මෙම අවි ගබඩාව මතු වී ඇති අතර මේ පිළිබදව කිළිනොච්චිය පොලීසියට ලැබුණු තොරතුරක් මත පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය මෙම අවි ගබඩාව පරීක්ෂා කොට ගොඩ ගෙන තිබේ.

මෙම අවි ගබඩාව කිළිනොච්චිය විශ්ව විද්‍යාලයේ විද්‍යා අංශයට නුදුරින් තැනක තිබේ සොයා ගෙන ඇත.

T-56 වර්ගයේ ගිණි අවි 5ක්,මැගසින් 1ක් හා පතරොම් 40 ක් ගොඩ ගන්නා ලද අවි අතර තිබී සොයා ගැනුණි.

මෙම ගිණි අවි විනාශ කිරීම සදහා පොලීසිය කිළිනොච්චිය අධිකරණයෙන් නියෝගයක් ලබා ගැනීමට පියවර ගෙන තිබේ.

Related posts

පැය අටකදී විදෙස් ජාතිකයන් 136 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

ගුරු සංගමයෙන් අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

දේවගැති ජෙරම්ගේ පෙත්සම 05 වනදා කැඳවයි

Mohamed Dilsad

Leave a Comment